දෙවනගල ඇතුළු ඓතිහාසික පූජා භූමි ආරක්ෂා කිරීමට තමන් වහන්සේ ඇතුළු බොදු බල සේනාව කටයුතු කරන බව බොදු බල සේනා ජාලයේ මහ ලෙකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ සඳහන් කරති. බුදු දහම සුරකින්න… ධර්මපාල පරපුරක්…අවදිවව්…දම්පල් දැක්මෙන් නැගිටිමු තේමාව යටතේ බොදු බල සේනා සංවිධානය විසින් ක්රීයාත්මක කරනු ලබන දෑ අවුරුදු වැඩසටහනේ සමාරම්භක උළෙල ඓතිහාසික මහියංගණ පුද බිමෙන් ඇරඹීම සඳහා ධර්මයාත්‍රාව කොළඹ සිට ගමන් ඇරඹූ අතර එය මාවනැල්ල නගරයට පැමීණීමේන් අනතුරුව රැස්ව සිටි ජනාතව අමතමින් උන් වහන්සේ ඉහත අදහස් ප්‍රකාශ කළහ .
ධර්ම යාත්‍රාව පිළිගැනීම සඳහා විශාල පිරිසක් මාවනැල්ල නගරයට රැස්වී සිටි අතර එහිදි දෙවනගල පූජා භූමිය රැකදෙන ලෙස බොදු බල සේනාවෙන් ලිඛිතවත් වාචිකවත් රැස්ව සිටි ඉලිලීම් කරන ලදී. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියෝ සඳහන් කළේ දෙවනගල ගැටලුව සිංහල මුස්ලිම් ජන අර්බුදයක් නොව පුරාවිද්‍යාත්මක භූමි අනවසරෙන් අල්ලාගැනීමක් බවත් එය නීති විරෝධි කරුණක් බවත්ය.
ඡායාරූප බොදු බල සේනා වෙබ් අඩවිය