රට බෙදන යෝජනා ගෙනඑන බවට රාජපක්ෂ පාර්ශ්වකරුවන් ප්‍රකාශ කළද රට බෙදන දේශපාලන යෝජනාවක් ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා ළඟම සිටින ජී.එල්.පීරිස් මහතා බවත්, එම යෝජනාව තමන් ඇතුළු පිරිස විසින් පරාජය කළ නිසා ඉදිරියට රටතුළ එවැනි අනතුරක් නොමැති බවත් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ අද (05දා)පිළියන්දලදී පැවති ජනහමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,
"අද ඒකීයභාවය ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද පිළිගෙන තිබෙනවා.ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා පවා පිළිගෙන තිබෙනවා. දෙමළ සන්ධානය ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය යැයි ප්‍රකාශ කළේ 1949 සිට. මේවා සිහින මාළිගා විතරයි. ෆෙඩරල් ක්‍රමයක් ඇති කරන්න නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. රටේ පාර්ලිමේන්තුවෙන් 2/3 ක බලයක් අවශ්‍යයි. දෙමළ සන්ධානයේ ආසන 10 කින් 15 කින් එය සිදුකරන්න බැහැ. අපි ඉන්නකම් රට බෙදන්න ඉඩතියන්නෙ නැහැ. අපි ශක්තිමත්ව රට ඒකීයභාවයෙන් ඒකීයභාවයට ගෙනියනවා" යැයි පැවසීය.