සිංහල බෞද්ධයන්ගේ ප්රශ්නවලදී පාර්ලිමේන්තුවේ සිටින දෙතුන් දෙනෙක් හැරෙන්නට අනිත් සියලු දෙනා මූකලන් බස්සන් සේ කටයුතු කරන බව බොදුබල සේනා ජාලයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
අද දවසේදී රටේ පාරවල් හැදුණද ජාතිය මුහුණපාන ප්‍රශ්න විසඳීමට සමත් ජාතික නායකයෙකු නොමැතිවීම අවාසනාවන්ත තත්ත්වයක් යැයිද උන්වහන්සේ පෙන්වාදෙති.
'අවදිවව් දම්පල් දැක්මෙන් නැගිටිමු' ධර්ම යාත්‍රා වැඩසටහන අරඹමින් ඊයේ (12දා) ඓතිහාසික මහියංගන විහාරස්ථානයේදී ඥානසාර හිමියෝ මේ බව සඳහන් කළහ. සිංහලයන් මුහුණපා ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩගැනීම සදහා ජාතියට මගපෙන්වන නායකත්වයක් අවශ්‍ය වී ඇතැයි පැවසූ ඥානසාර හිමියෝ ඒ සඳහා ධර්මපාලතුමාගේ දර්ශනය යොදාගනිමින් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව කියා සිටියහ.