සිය විශ්රාම වැටුප බණ්ඩාරගම ප්රාදේශිය ලේකම් කාර්යාලයෙන් ලබා ගන්නා අතරතුර පොල්ගහවෙල ප්රාදේශිය ලේකම් කාර්යාලයෙන්ද වෙනත් අංකයක් යටතේ විශ්රාම වැටුප් ලබාගත් දකුණු පළාත් සභාවේ හිටපු ප්රධාන ලේකම්වරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ දකුණු පළාත් සභාෙවේ හිටපු ප්රධාන ලේකමිවරයෙකු වන තෙන්නයිදා හේවාගේ අමරදාස පෙරේරා යන සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බවයි. ඔහු ඊයේ (19දා) අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එළඹෙන 3 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.