හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිට විවිධ දූෂණ චෝදනා එල්ලව තිබෙන දේශපාලනඥයන් වත්මන් මෛත්‍රීපාල පාලනයට සහය දීමට එක්වුවද ඔවුන්ට එරෙහිව ඇති පැමිණිලි විමර්ශනය කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 'අද'ට පැවසීය.
පසුගිය රජයේ දූෂිත දේශපාලඥයන් එක්කර නොගන්නා ලෙස රටපුරා විවිධ ප්‍රදේශවල මහජනතාව සිදුකරන උද්ඝෝෂණ පිළිබඳව රජය දැනුවත් බව සඳහන් කළ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා, මේ වනවිට ඔවුන්ට විරුද්ධව පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බව සඳහන් කළේය.
යහපාලනයක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය ලබාදුන් ජනතාව තුළ බියක් හා සැකයක් ඇතිවී තිබුණද යෝජිත ජාතික විධායක සභාව මගින්ද දූෂණ හා වංචා පිළිබඳ සොයා බලන බව ඒ මහතා අවධාරණය කළේය.