දූෂණයට, භීෂණයට, අවනීතියට එරෙහි ප්රජාතන්ත්රවාදී පක්ෂයේ විරෝධතා පාගමන සඳහා විශාල ජන සහභාගීත්වයක් ලැබී ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. මරදාන ගාමිණී මාවතෙන් ආරම්භ කළ විරෝධතා පාගමන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට මේ වනවිට ගමන් කරමින් තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, අනෝමා ෆොන්සේකා, ජයන්ත කැටගොඩ ඇතුළු බොහෝ පිරිසක් මෙම පාගමනට සම්බන්ධ වී සිටිති.
මෙම විරෝධතා පාගමන විපක්ෂයේ විරෝධය හා සම්බන්ධ නොවූවත්, හයිඩ් පිටියේ පැවැත්වීමට නියමිත විපක්ෂයේ විරෝධතාරැලියට සරත් ෆොන්සේකා මහතා සහභාගී වීමට නියමිතය.
ජායාරූප ඉසුරු පෙරේරා