ඒකාධිපතිවාදයක් හරහා ගමන් කරමින් සිටි රටේ දූෂණය මේ වනවිට වැඩිවී ඇති බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළ කෝප් වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“දැන් රටේ දූෂණ වැඩිවෙලා. පහුගිය ආණ්ඩු කාලේ තිබුණු දූෂණය ගැන බොහෝදෙනා කතා කරනවා. නමුත් වරදකරුවන් බේරාගන්නද ආණ්ඩුව උත්සාහ කරන්නේ? ජනතාව මේදේවල් දැනගතයුතුයි. දූෂණය හේතුවෙන් රට පීඩාවට ලක්වෙලා. මේ සිදුවීම නිසා මහබැංකුවේ කීර්තිය අහිමිවෙලා.
මිනිස්සුන්ට දැන් මේක ඇතිවෙලා දෙගොල්ලොම කරන්නේ එකම දෙයක්. වරදකරුවන්ට දඬුවම් දියයුතුයි. නමුත් මේදේ අපේ රටේ සිදුවන්නෙ නැහැ. අධිකරණයේ දූෂණ චෝදනා ලබපු අය ඉතාම සුළුවෙන් ඉන්නේ. එජාපය නිදහස් පක්ෂය මේ දේවල්වලට සම්බන්ධයි . මේක තමයි ඇත්ත.
ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පත්කරලා සත්‍ය සොයාගන්න කියලා මම රජයට යෝජනවා කරනවා. වරදකරුවෝ කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. රජයේ මුදල් මෙලෙස අවභාවිත කරන්න කාටවත් බැහැ.”