දූෂණය පිළිබඳ තොරතුරු එකතු කිරීමට ජනතාව මැදිහත්විය යුතු බවත්, මෙරට සිදුවූ දූෂණ, වංචා පිළිබඳ තොරතුරු රැස්කිරීමේ දූෂණ විරෝධී පෙරමුණ ආරම්භ කළ බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා අද (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව රට තුළ රාජ්‍ය සේවකයන්, ආරක්ෂක අංශ, මූල්‍ය නිලධාරීන්, විගණන නිලධාරීන් ඇතුළු සමස්ත ජනතාවම තමන් දන්නා තොරතුරු මෙම පෙරමුණට ලබාදෙන ලෙසද, ජනතාවගේ පෞද්ගලිකභාවය සුරැකීමට ඔවුන් බැඳී සිටින බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
011 288 4583 දුරකථන අංකයෙන් හෝ 19/100 - වැලිකඩවත්ත පාර, රාජගිරිය යන ලිපිනයට මෙම තොරතුරු ලබාදිය හැකි බව චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.