දූෂණ විරෝධී විශේෂ අධිකරණයක්
මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා දූෂණ වීරෝධී විශේෂ අධිකරණයක් මේ වසරේදී පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. අධිකරණය තුළ එකතු වී ඇති අතිවිශාල නඩු ප්‍රමාණය හේතුවෙන් මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳ නඩු විභාග කිරීම ප්‍රමාද වන බවට විවිධ පාර්ශ්වවලින් එල්ල වන චෝදනා සලකා බලා මෙලෙස විශේෂ අධිකරණයක් පිහිටුවනු ඇත.
මේ අනුව මහාධිකරණ කිහිපයක් මේ සඳහා යොදාගැනීමට සැලසුම්කර ඇති අතර, මේ වසරේ මුල් මාස තුන තුළ දූෂණ වීරෝධී විශේෂ අධිකරණය පිහිටුවීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
මෙලෙස විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සිවිල් සංවිධාන මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මීට පෙර ඉල්ලා තිබිණි.
මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගෙන් 'අද' කළ විමසීමකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, "දූෂණ විරෝධී විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස අපි ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් ඉල්ලුවා. මේ අධිකරණය පිහිටුවන්න අලුතින් නීති අවශ්‍ය නැහැ. මහාධිකරණ කිහිපයක් වෙන්කොට ත්‍රිපුද්ගල මහාධිකරණ විනුසුරු මඬුල්ලක් නම් කිරීම පමණයි කළ යුත්තේ" යැයි පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
