හිටපු මහබැංකු අධිපතිගේ පෞද්ගලික හා නිල වියදම් සම්බන්ධ කඩිනම් විමර්ශනයක් ගන්නැයි ඉල්ලමින් දූෂණ විරෝධී පෙරමුණ අද (08දා) ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව රුපියල් හයකෝටි හැටදෙලක්ෂයකට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසිය හෝ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනයක් කිරීමට අවධානය යොමුකරන ලෙස එම ලිපියේ සඳහන් කර තිබේ.
ඒ අනුව පත්වීම් බලධාරියා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මේ සම්බන්ධව විධිමත් තීරණයක් ගන්නා ලෙසත්, ලෝක මට්ටමින් ලංකාවේ මහබැංකුවට සිදුවන අපකීර්තිය මගහරවා ගන්නීමට පියවර ගන්නා ලෙසත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.