දූෂණ චෝදනා ගැන ඊශ්‍රායල් අගමැති පොලිස් ප්‍රශ්නකිරීමක
ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් එරට පොලීසියේ ප්‍රශ්න කිරීමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ව්‍යාපාරික ප්‍රජාවගෙන් වරප්‍රසාද ලබාගත් බවට නැඟෙන චෝදනාව සම්බන්ධයෙන් නෙතන්යාහු අගමැතිවරයා මෙසේ පොලීසියේ ප්‍රශ්න කිරීමකට ලක්ව ඇති බව එරට අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් බී.බී.සී.ය වෙත පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙකී චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් එරට මාධ්‍යය හා විරුද්ධ දේශපාලන පක්ෂ මැදිහත් නොවී සිටිය යුතු බවද අවධාරණය කරයි. හෙතෙම පවසන්නේ, තමා මේ සම්බන්ධයෙන් කිසිදු වරදක් සිදුකර නොමැති නිසා, මෙම පරීක්ෂණවලින් කිසිවක් සිදු නොවන බවයි.
කෙසේ වෙතත්, අගමැතිවරයා ජෙරුසිලමේ පිහිටි සිය නිවසේදී පැය තුනකට අධික කාලයක් පොලීසියේ ප්‍රශ්න කිරීම්වලට මුහුණ දී ඇති බව ජෙරුසිලම් පෝස්ට් පුවත්පත පවසයි.
එම පුවත්පත වැඩිදුරටත් පවසන්නේ අගමැතිවරයා ඇ.ඩො. දහස් ගණන් වටිනා අනිසි ත්‍යාග ඊශ්‍රායලයේ සහ ජාත්‍යන්තරයේ වෙසෙන ව්‍යාපාරික ප්රජාවන්ගෙන් ලබාගෙන ඇති බවට චෝදනා ගොනුව ඇති බවයි.
මේ අතර, එරට විරුද්ධ පක්ෂ විසින් අගමැතිවරයා සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ මෙවැනි දූෂණ චෝදනා සම්බන්ධයෙන් වහා පරීක්ෂණ පැවැත්විය යුතු බවට හඬ නගමින් සිටියි. ඔවුන් පෙන්වා දෙන්නේ මේ එකදු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හෝ අගමැතිවරයාට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවූ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
