දූෂණ ගැන තවත් පැමිණිලි 06 ක්
පසුගිය රජයේ සිදුවූ දූෂණ, වංචා සිද්ධි පිළිබඳව දූෂණ විරෝධී පෙරමුණට ලැබුණු පැමිණිලි අතරින් කරුණු සනාථ කරගත් සිද්ධි 06 ක් සම්බන්ධයෙන් අද (20දා) දින අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් විය.
දූෂණ විරෝධී පෙරමුණ වෙනුවෙන් නීතීඥ ශිරාල් ලක්තිලක, නීතීඥ මෛත්‍රී ගුණරත්න සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ෆුජි ලංකා සමාගම යටතේ සේලයින් ව්‍යාපාරයක් ඇරඹීම, මහජන බැංකුවේ 'සිරිලිය' ගිණුමේ කාල්ටන් සමාගමට අයත් රුපියල් කෝටි 46 ක් තිබීම, ලංකා වානේ සංස්ථාවේ මිලදීගැනීමේදී සිදුවූ අක්‍රමිකතා, මිහින් ලංකා සමාගම, කොස්ටෝස් ඒවියේෂන් සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සිදුකළ දූෂණ වංචා, රාජ්‍ය සළුසල ආයතනයේ සිදුවූ දුෂණ වංචා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සිදුවූ දූෂණ, වංචා සම්බන්ධව මෙසේ පැමිණිලි කෙරිණි.
දූෂණ විරෝධී පෙරමුණේ සාමාජික නිශාන්ත ශ්‍රී වර්ෂනසිජංහ මහතා සඳහන් කළේ මේ වනවිට දූෂණ වංචා සම්බන්ධව මහජන පැමිණිලි 1470 ක් සහ ඊමේල් පණිවුඩ 379 ක් ලැබී තිබෙන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

