දූත මණ්ඩල නැති ඉහළ අවදානම් සහිත රටවලට රැකියා සඳහා යන්න එපා
නේවාසික ශ්‍රී ලංකා දූත මණ්ඩල හෝ කොන්සල් කාර්යාල පිහිටා නැති, ඉහළ අවදානමකින් යුත් රටවල්වල රැකියා සඳහා පිටත්ව යෑමේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටියි.
සෝමාලිලන්තයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන් 12 දෙනකු සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ සහයෙන් ළඟදීම නැවත ශ්‍රී ලංකාවට ගෙන එන බව සඳහන් කරමින් එම අමාත්‍යාංහය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
කම්කරු ආරවුලක් හේතුවෙන් සෝමාලිලන්තයේ ඔවුන් අතරමංව සිටියහ. සෝමාලිලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් හෝ කොන්සල් කාර්යාලයක් හෝ පිහිටා නොමැත. එබැවින් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අඩිස් අබාබා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හර්ගෙයිසා නුවර පිහිටි සංක්‍රමණය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ කාර්යාලය සමඟ ක්‍රියා කළ අතර එම කාර්යාලය අතරමැදියකු ලෙස කටයුතු කරමින් අදාළ සේවකයන්ගේ සේවායෝජකයා සමඟ සාකච්ඡා කොට කම්කරු ආරවුල විසඳීමටත්, ශ්‍රී ලාංකිකයන් නිදහස් කරගෙන නිරුපද්‍රිතව පෙරළා සිය රට එවීමේ කටයුතු සලසා දීමටත් ක්‍රියා කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


