බැදුම්කර පරීක්ෂණයේ දී දුරකතන තොරතුරු හෙළිදරව් වීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී දැයි සොයා බැලීමට එය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (21දා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
කමිටුවේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකුගේ දුරකතන තොරතුරු හෙළිකිරීමෙන් මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බවට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (20දා) සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් කතානායකවරයා මේ බව නිවේදනය කළේ ය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමක් කැඳවා මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ඡා කෙරෙන බවද කතානායකවරයා සඳහන් කළේය.