හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොදෙන බවට පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා කරන කතා ළදරු කතාවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
මහලේකම්වරයා ලෙස එවැනි ප්‍රකාශයක් සිදු නොකිරීමට තිබූ බවත්, එහෙත් තවමත් ඔහු බබා වයසේ නිසා මෙවැනි ප්‍රකාශ සිදුකරන බවද පවසා සිටියේය.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ හතරමායිම නොදන්නා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙන නාමයෝජනා ප්‍රතික්ෂේප කළ යුතු බවට ප්‍රකාශ සිදුකරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.
මෙවැනි කතාත් නොකළ යුතු බවද අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේය.