ප්‍රවේශපත්‍ර නොගෙන දුම්රියේ ගමන් කරන පුද්ගලයන්ට අය කරන දඩය රුපියල් 5000 දක්වා වැඩි කිරීමටත්, දුම්රිය පා පුවරුවේ සහ දුම්රිය මාර්ගයේ අනවසරයෙන් ගමන් කිරීම තහනම් කිරීමටත් තීරණයක් ගෙන ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ කාර්යාලයේ අුද (08දා) පැවැති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ මෙම තීරණය ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, ඉදිරි සති දෙක ඇතුළත ඒ පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීම හේතුවෙන් මේ වසරේදී පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 500 ක පාඩුවක් සිදුව තිබෙන බැවින් මෙම තීරණයට එළඹි බව හෙතෙම ප්‍රකාශ කළේය.