කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් ඉඟුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය පිීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙි. අද (06දා) පස්වරු 2.45 ට පමණ මෙම පීලිපැනීම සිදුව ඇති අතර මේ වනවිට එය පීලිගත කිරීම ආරම්භ කර ඇති අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්වන තෙක් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය හැටන් දක්වාත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වාත් පමණක් ධාවනය වන බව වැඩි දුරටත් වාර්තා වේ.