දුම්රිය සේවාවේ ශ්‍රේණි 10කට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් විසින් කටයුතු නොකරන බැවින් අද (30දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කළ බව ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, අධීක්ෂණ කළමනාකාරවරුන්, දුම්රිය පාලකවරුන් සහ රියදුරන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතාවන්ට මෙතෙක් විසඳුම් ලැබී නැතැයි එම එකතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සිය ඉල්ලීම් ලැබෙන තුරු මෙම අඛණ්ඩ වැඩ වර්ජනය සිදුකරන බවද ඔහු කීය.