දුම්රියවල වෙළෙඳාම් තහනම් කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගෙන ඇති තීරණය හේතුවෙන් ස්වයං රැකියාවල නියුතු 3200ක පිරිසක් අසරණ වී ඇතැයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා අද (07දා) පැවසීය.
මෙම තීරණය ඉවත් කරගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ සුසිල් ප්‍රේම්ජයන්ත, දුමින්ද දිසානායක යන ඇමතිවරුන්ගෙන් ඉල්ලීම් කළද එය ව්‍යර්ථ වූ බවද සභාපතිවරයා සඳහන් කළේය.
දැනට මාසයක කාලයක් තිස්සේ දුම්රියවල වෙළෙඳාම් කිරීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඉඩ ලබා නොදෙන බවත්, වෙළෙඳාම්හි නියුතු වූ ඇතැම් වෙළෙන්දන්ට දඩ ගසා තිබෙන බවත් ජයවර්ධන මහතා කීවේය.
ප්‍රවාහන ඇමතිවරයාගේ තීරණය හේතුවෙන් ස්වයං රැකියාලාභීන්ගෙන් යැපෙන 15,000ක් පමණ අසරණ වී ඇති බවත්, ඇතැම් අයගේ දරුවන් පාසල් යෑම නතර කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ විය.
ස්වයං රැකියාවක් ලෙස මෙතෙක් කලක් දුම්රියවල ළමාපොත්, හඳුන්කූරු, රටකජු හා වෙනත් ආහාර වර්ග අලෙවි කළ කිහිපදෙනෙක්ද මෙහිදී අදහස් පළකළහ.
ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, මෙම ප්රශ්නය විසඳීමට පියවර ගන්නා ලෙසයි.
ඡායාරූපය ඒෂාන් ප්‍රනාන්දු