දුම්රිය බලවේග කට්ටල රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද (01දා) සඳහන් කර සිටියේය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවද එම සංගමයේ ප්‍රකාශකයෙක් පවසා සිටියේය.