දුම්රිය සේවකයන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෙන්ම ප්රධාන දුම්රිය මාර්ගයේද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. එම දුම්රිය මාර්ගවල ගමන් ගන්නා දුම්රිය බොහෝ වේලාවක් ප්රමාද වී ගමන්කරන බව දුම්රිය මගීහු පැවසූහ.
මේ අතර මෙම වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් අපහසුතාවට පත් මගීන් පිරිසක් අද (09දා) උදෑසන මහව සිට කොළඹ බලා උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියේ රියදුරුට පොල්ගහවෙලදී පහර දී ඇති බවද වාර්තා වේ.