දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කිසියම් සංවර්ධන කටයුත්තක් සිදුකිරීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවකදීම කුමන හෝ දුම්රිය වෘත්තීය සමිතියක් එයට විරුද්ධ වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (04දා) පැවසීය.
දුම්රිය වෘත්තීය සමිති අතර පවතින මෙම බල ඒකාධිකාරය හේතුවෙන් දුම්රිය සේවාව ගුණාත්මක සේවාවක් බවට පත් කිරීමට නොහැකිවී ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.
සේවකයන් බඳවාගැනීමේදී, උසස්වීම් ලබාදීමේදී,එන්ජින් මැදිරි ආනයනය කිරීමේදී ආදී වශයෙන් සෑම කටයුත්තකටම වෘත්තීය සමිති විරුද්ධවීම දුම්රිය සේවාවේ අංගයක් බවට පත්වී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එම ස්ථානයේ පැවැති උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා,
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සියවස් පූර්ණය නිමිති කොටගෙන නව ප්‍රවේශපත්‍ර කවුළුව විවෘත කිරීම, මගී ගුවන් පාලම විවෘත කිරීම, බැස්ටියන් මාවත නව ප්‍රවේශ මාර්ගය විවෘත කිරීම හා සියවස් පූර්ණ තැපැල් මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.