දුම්රිය මගීන් සිදුකරන වැරදි වෙනුවෙන් අය කෙරෙන දඩ මුදල වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සූදානම්වේ.
ඒඅනුව එම දඩමුදල රුපියල් තුන්දහස දක්වා වැඩි කිරීමට නියමිතය. පාපුවරුවේ ගමන් කිරීම, දුම්රිය නතර කිරීමට පෙර ඊට ඇතුළු වීම, දුම්රිය තුළ බීමතින් ගමන් කිරීම සහ අන් අයට හිරිහැර වන අන්දමින් ගමන් කිරීම වැනි වැරදි වෙනුවෙන් මෙම දඩ මුදල මෙලෙස වැඩි කෙරෙනු ඇති.