එක්සත් ජාතික පක්ෂය විසින් රාජ්‍ය ආයතන පිළිබඳව සොයාබැලීම යටතේ ඊයේ (11දා) දුම්රිය දෙපාර්තමේන්තුව පිළිබඳව සිදුකළ සොයාබැලීම ඉතා සාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
දුම්රිය මූලස්ථානයට ගිය අවස්ථාවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මන්ත්‍රී කණ්ඩායම සමග සාකච්ඡා කිරීම මගහැර සිටියත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් තිදෙනා තේ පැන් සංග්‍රහයක් පවත්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කළ බවද ඒ මහතා පවසා සිටියේය.
එම අවස්ථාවේ එම පිරිස් සඳහන් කර සිටියේ නවීන තාක්ෂණික උපකරණ නොමැතිවුවත් තම සේවකයන්ගේ කැපවීම මත තිබෙන සම්පත්වලින් උපරිම ප්‍ර‘යෝජන ගන්නා බව යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.