දුම්රිය ශ්‍රේණි හතරකට ඇති වී තිබෙනා වැටුප් විෂමතාවයන් විසඳන ලෙසට බලධාරීන්ගෙන් කළ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර ලැබී නොමැති නිසා අද රාත්‍රී 12 සිට අඛණ්ඩව වැඩවර්ජනයක් දියත් කරන බව දුම්රිය ශ්‍රේණි එකමුතුව සඳහන් කරයි.
වැටුප් විෂමතාවයන් විසඳන ලෙසට දිගින් දිගටම ඉල්ලීම් කළ බවත්, මේ පිළිබඳව අද (08දා) දිනයතුළදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවැති සාකච්ඡාවලදීත් නිසි විසඳුම් නොලැබුණු බවද එම සංගමයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.