“සමස්තයක් ලෙස දුම්කොළ සමාගම් රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවිය යුතු බදු නොගෙවා බිලියන 100කට වඩා ප්‍රමාණයක් යටිමඩි ගහනවා.”
යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (08 දා) පුවත්පත් පැමිණිලි කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා
“එය දැනෙන්නේ එකයි බිංදු දෙකයි කියලා විතරක් වුණාට ඒකෙ බරපතළකම පැහැදිලිවම කියනවා නම්, ලංකාවේ වැට් බදු වංචාවෙන් අහිමිවෙන්නෙ බිලියන 3.5 ක් විතරයි.
මත්තල ගුවන්තොටුපළේ පළමු අදියරට ගියේ රු. බිලියන 21 යි. මේ අහිමි වුණු මුදලින් තවත් ගුවන්තොටුපොළවල් 5 ක් අරඹන්න තිබුණා. මාගම්තොට වරායට බිලියන 90 ක් වැය වුණා. ඒ වගේ තවත් වරායක් හදන්න තිබුණා” යනුවෙන්ද පැවැසීය.