දුම රහිත දුම්කොළ නිෂ්පාදන තහනම්
මාවා, බාබුල්, බීඩා, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත් විට නිෂ්පාදනය, ආනයනය, විකිණීම හෝ ප්‍රදර්ශනය තහනම්
වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්කොළ ආශ්‍රිතව නිපදවන දුම රහිත දුම්කොළ නිෂ්පාදන අද (19දා) දිනයේ සිට නිෂ්පාදනය කිරීම, ආනයනය, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18දා) 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනතේ තහනම් දුම්කොළ පිළිබඳ 2016 අංක 01 දරන නියෝගය හා දුම්රහිත දුම්කොළ නිසා සිදුවන හානිය ගැන දැනුවත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
මේ අනුව මාවා, බාබුල්, බීඩා, හාන්ස්, පාම්පරා සහ ගුට්කා ආදී දුම්කොළ ආශ්රිත නිෂ්පාදන මෙන්ම දුම්කොළ සහිත බුලත් විටද නිෂ්පාදනය සහ විකිණීම තහනම් වන අතර,යම් පැණි රස ගන්වන ලද, වර්ණ ගන්වන ලද හෝ රස ගන්වන ලද දුම්කොළ අඩංගු සිගරට්ටුවක්, යම් දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රොනික් සිගරට්ටුවක් විකිණීම, ආනයනය, විකිණීමට ප්‍රදර්ශනය කිරීමද සපුරා තහනම් වේ.
අදාළ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් 2006 අංක 27 දරන පනතේ ඇතුළත් දඬුවම් ක්‍රියාත්මක කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

