දුටුගැමුණු රජතුමාගේ පිළිරුවක් පවතින එකම අමාත්‍යාංශය තම අමාත්‍යාංශය බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය. එසේම ලංකාවේ පවතින එකම මිල කළ නොහැකි දුටුගැමුණු පිළිමය එය වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
පෑලියගොඩ දුටුගැමුණු විදුහලට වසර 100 ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය. එසේම තමන් කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණ බවද අමාත්‍යවරයා පැවසීය.
“මම කැලණියෙන් ඉල්ලා අස්වුණා මිසක් අස්කළේ නෑ. ඒ ඉල්ලා අස්වීම මම පසුගියදා ඉල්ලා අස්කරගත්ත. මම මාගම්පත්තුවේ දුටුගැමුණු ඉපදුන රටේ ඉඳලා, මහින්ද රාජපක්ෂ මහත්තයා සමග 1970 කොළඹට ඇවිත් කැලණියේ මන්ත්‍රී වුණේ. මාව වට්ටන්න බෑ. වැටෙන්නෙත් නෑ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.