දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජයට පත්කර ජාතීන්ගේ සිත් සුවපත් කළා සේ තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු එවකට සිටි ආණ්ඩුව ජාතීන්ගේ සිත් සුවපත් කළා නම් රටට මානව හිමිකම් පිළිබඳ චෝදනා එල්ල නොවන බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සඳහන් කරයි.
දුටුගැමුණු රජතුමා එළාර රජතුමා පරාජයට පත්වීමෙන් පසු එළාර රජතුමා වෙනුවෙන් ස්මාරකයක් සකස් කර සියලුම දෙනාට එයට ගෞරවය කළ යුතු බවට නීතියක් පනවා තිබූ බවද එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ පසුගිය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු වූ ඩිව් ගුණසේකර මහතා සඳහන් කළේය.
එහෙත් තිස් අවුරුදු යුද්ධය අවසන් වූ පසු පසුගිය ආණ්ඩුව ජාතීන් අතර සුහදතාවය ඇති කිරීමට කටයුතු නොකළ යුතු බවත්, මේ නිසා අද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අප රටට චෝදනා එල්ල වී තිබෙන බවත් ඔහු පවසා සිටියේය.