දීපිකා පදුකෝනේගේ ඡායාරූපයකින් බොලිවුඩය කැළඹේ
බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසක් පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ඉන්දියාවේ ප්රකට පුවත්පතක් වන 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත විසින් පළ කිරීමත් සමග ඇය මෙන්ම, ඉන්දීය නළු නිළියෝ රැසක් සිය දැඩි විරෝධය ඊට දක්වා ඇති බව වාර්තා වෙයි.
මෙම ඡායාරූපය පසුගිය වසරේදී ගත් ඡායාරූපයක් ලෙස සැලකෙන අතර, 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත විසින් ඔවුන්ගේ ට්වීටර් පිටුවේ මෙය පළ කර ඇත්තේ ‘දෙවියනේ... දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යන අරුත දෙන වැකියක් සමගිනි.
මෙම සිදුවීමෙන් කෝපයට පත් දීපිකා සිය ට්වීටර් පිටුවෙන්ම ඊට ප්රතිචාර දක්වා ඇති අතර, ‘ඔව්... මම ගැහැණියක,. මට පියයුරු තියෙනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා. එක ඔබට ප්රශ්නයක්ද?’ යනුවෙනි.
කෙසේ වෙතත්. මේ වනවිට 'ටයිම්ස් ඔෆ් ඉන්දියා' පුවත්පත සිය ට්විටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

