දිස්ත්‍රික් පරිපාලන කටයුතුවල නිරත වී සිටින දිස්ත්‍රික් ලේකම්වරු විවිධ රාජකාරි කටයුතු සඳහා නිරන්තරයෙන් කොළඹට කැඳවීම දුරබැහැර දිස්ත්‍රික්කවල පරිපාලන කටයුතු කෙරෙහි බලපා ඇති බැවින් දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට කැඳවීම සීමා කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
ඒ අනුව ඉදිරියේ දී දිස්ත්‍රික් ලේකම්වරු කොළඹට හෝ වෙනත් ස්ථානයක් වෙත කැඳවීමට අවශ්‍ය නම් ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් ලබාගත යුතු වේ.