පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක් වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ. අද පෙ.ව. 8.00 සිට හෙට (22දා) පෙ.ව. 8.00 දක්වා වලංගු වන පරිදි මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, කළුතර හා නුවරඑළිය දිස්ත්රික්ක වලට මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.