කොළඹ, ගම්පහ, ගාල්ල, බදුල්ල, නුවරඑළිය, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල හා කළුතර දිස්ත්රික්කවලට ගෙවිගිය පැය 24 තුළදී මිලිමීටර් 75කට ආසන්න වැසි ඇති වී තිබෙන බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා එම දිස්ත්රික්කවල කඳු ආශ්රිත ප්ර‘දේශ නායායෑමේ අවදානමක් ඇතිවිය හැකි බවත් මේ නිසා ජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසද එම සංවිධානය ඉල්ලා සිටියි.
මෙම අනතුරු ඇඟවීම හෙට (21) සවස 3 දක්වා වලංගු වන බවද එම ආයතනය පෙන්වා දෙයි.
කඳු ආශ්රිත ප්රදේශවල පොළව ඉරි තැලීමකට හෝ ගිලා බැසීමකට ලක්වනවා නම් හෝ ගස්, විදුලි කණු වැටවල් ක්රමයෙන් ඇලවී යනවා නම් හෝ එකවරම බොර ජල උල්පත් මතුවනවා නම් හෝ තිබෙන ජල උල්පත් ක්ෂණිකව නැති වී යනවා නම් වහාම එම ස්ථානවලින් ඉවත්වී ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද ජනතාවට දැනුම් දී සිටියි.