දිස්ත්‍රික්ක 11ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් 185,594කට අයත් පුද්ගලයන් 614,075 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි වාර්තා වේ.
මීට අමතරව මේ දිනවල ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය මෙන්ම අධික සුළං සහ ඉවුරු කඩාවැටීම නිසා දිස්ත්‍රික්ක 06ක පවුල් 2361කට අයත් පුද්ගලයන් 9339 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
මේ නිසා නිවාස 157කට හානි සිදුව තිබෙන අතර, පවුල් 53කට අයත් පුද්ගලයන් 213 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 03ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
තවද, වියළි කාලගුණ තත්ත්වය, වර්ෂාව, තද සුළං සහ ඉවුරු කඩාවැටීම ආදිය නිසා දිස්ත්‍රික්ක 17ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 90ක පවුල් 187,945කට අයත් පුද්ගලයෝ 624,680 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
වියළි කාලගුණ තත්ත්වය නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 66,648කට අයත් පුද්ගලයන් 216,670ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 2762කට අයත් පුද්ගලයන් 9116ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 37,763කට අයත් පුද්ගලයින් 117,898ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 3482කට අයත් පුද්ගලයන් 10,605ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 726කට අයත් පුද්ගලයන් 2,602ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මීට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 4,925කට අයත් පුද්ගලයන් 16,750ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 4,976කට අයත් පුද්ගලයන් 17,917ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 10,272කට අයත් පුද්ගලයන් 35,112ක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 832කට අයත් පුද්ගලයන් 2,684ක් සහ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 23,787කට අයත් පුද්ගලයන් 82,558ක් පීඩාවට පත්ව ඇත
වර්ෂාව සහ තද සුළං නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 87කට අයත් පුද්ගලයන් 326ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 96කට අයත් පුද්ගලයන් 355ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 74කට අයත් පුද්ගලයන් 283ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 07කට අයත් පුද්ගලයන් 29 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 157කට අයත් පුද්ගලයන් 635ක් සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1960කට අයත් පුද්ගලයන් 7742 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.