දිස්ත්රික්ක 14කට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් එක්ලක්ෂ අනූ දෙදහස් පන්සිය හැත්තෑ හතකට අයත් පුද්ගලයෝ හයලක්ෂ හතළිස් දහස් දෙසිය හතළිස් පහක් පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.
මොවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පුත්තලම දිස්ත්රික්කයෙන්වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් හැටපන්දහස් අනූපහකට අයත් පුද්ගලයන් දෙලක්ෂ දාහත්දහස් හැට දෙකක් පීඩාවට පත්ව ඇත.
එමෙන්ම කුරුණෑගල දිස්ත්රික්කයේ පවුල් 40,610කට අයත් පුද්ගලයන් 129,910ක්, රත්නපුර දිස්ත්රික්කයේ පවුල් 28,286කට අයත් පුද්ගලයින් 101,143ක්, මොනරාගල දිස්ත්රික්කයේ පවුල් 3902කට අයත් පුද්ගලයන් 13,868ක්, ත්රිකුණාමල දිස්ත්රික්කයේ පවුල් 2158කට අයත් පුද්ගලයන් 5615ක්, අම්පාර දිස්ත්රික්කයේ පවුල් 1810කට අයත් පුද්ගලයන් 5891ක්, මුලතිව් දිස්ත්රික්කයේ පවුල් 3492කට අයත් පුද්ගලයන් 10,763ක්, වවුනියාව දිස්ත්රික්කයේ පවුල් 1154කට අයත් පුද්ගලයන් 4265ක් පීඩාවට පත්ව තිබේ.
මීට අමතරව මන්නාරම දිස්ත්රික්කයේ පවුල් 7342කට අයත් පුද්ගලයන් 26,809ක්, අනුරාධපුර දිස්ත්රික්කයේ පවුල් 7,968කට අයත් පුද්ගලයන් 27,033ක්, පොළොන්නරුව දිස්ත්රික්කයේ පවුල් 350කට අයත් 1110ක් පීඩාවට පත්ව ඇත.