රටේ ආරක්ෂක අවශ්‍යතාවය මත විවිධ ප්‍රදේශවල හමුදා කඳවුරු ඉදිකරන බැවින් සෑම දිස්ත්‍රික්කයකම හමුදා කඳවුරක් ඉදිවිය හැකි බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩියර් වනිගසූරිය මහතා අද (06 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගියදා යුද හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක මට්ටමින් හමුදා කඳවුරු පිහිටුවීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන බවයි.
මේ දිනවල කළුතර දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරක් ඉදිකිරීමට අවශ්‍ය භූමි පරීක්ෂා කිරීම් සිදුකරන බවද හෙතෙම පැවසීය.