රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක තුනේ ස්ථාන කිහිපයකට හෙට දිනයේදී සිහින් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට (10දා) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය අද (09දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කරයි.
ඒ හැරෙන්නට දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවත් උදෑසන හා රාත්‍රී කාලයේ ශීත කාලගුණය තවදුරටත් ක්‍රියාත්මක බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.