පවතින අධික වැසි තත්ත්වය නිසා මාතර, ගාල්ල, කෑගල්ල, කළුතර, රත්නපුර, මාතලේ යන දිස්ත්රික්කවල කඳු ආශ්රිත ප්රදේශ නායයාම්වලට සහ පස් කණ්ඩි කඩාවැටීම සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
අද (08දා) සවස 6.00 සිට හෙට (09දා) සවස 6.00 දක්වා වූ පැය 24 ක කාලයට මෙම අනතුරු ඇඟවීම අදාළ බව එම සංවිධානය සඳහන් කරයි.