අන්තර් නිවර්තන අභිසාරී කලාපයෙන් ඇතිවන බලපෑම නිසා දිස්ත්‍රික්ක 10කට අද (13දා) දහවල් 12.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
මෙම වැසි තත්ත්වය ඉදිරි සතියක කාලය තුළ පැවතිය හැකි බවත්, මීට අමතරව දිවයින වටා මුහුදු ප්‍ර‘දේශවලට තද වැසි ඇති විය හැකි බවත්, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30 - 40 ත් අතර වේගයක් ඇතිවිය හැකි බවත් පවසා සිටියේය.
අන්තර් අභිසාරී කලාපයේ බලපෑම් නිසා අද (13දා) දිනයේදී අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය, මන්නාරම් දිස්ත්‍රික්කවලට වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.