දිස්ත්‍රික්ක 11කට වැස්ස 06කට නියඟය
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වී තිබෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ජනතාවට දැඩි පීඩා එල්ලවී තිබෙන අතර, නියං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 06ක පවුල් 72,413 ක ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටිති.
වර්ෂා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, කොළඹ, කළුතර, ගම්පහ, හම්බන්තොට, මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, බදුල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්ක 11 ක ජනතාව පීඩාවට පත්ව සිටිති.
පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් කොත්මලේ වෙදමුල්ල ලිලීස් වතුයාය නායයෑමෙන් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන අතර, නිවාස 07 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වී නිවාස 04 කට අර්ධ හානි සිදුව තිබේ.
එම ප්‍ර‘දේශයේ පවුල් 44 කට අයත් පුද්ගලයන් 193 දෙනෙකු රම්බොඩ දෙමළ විද්‍යාලයේ තාවකාලිකව නවතා සිටිති.
කොළඹ දිස්ත්‍රික්කයේ පන්නිපිටිය ප්‍ර‘දේශය හරහා හමාගිය අධික සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 15 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි තත්ත්වය මත ජලයෙන් ජනතාවට විශාල හානි සිදුව නොමැති වුවද, නිල්වලා, ගිං, කළු යන ගංඟා පිටාර මට්ටමට පැමිණිම නිසා පහත් බිම් ජලයෙන් යටවීමේ අවදානමක් තිබෙන බවත්, ඒ පිළිබඳව ප්‍ර‘දේශයේ ජනතාව දැනුවත් කර තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (29දා) දිනයේදී බස්නාහිර, දකුණ සහ සබරගමුව, පළාත්වලට විටින් විට ගිඟුරුම් සහිත වැසි ඇතිවන බවත්, වැසි සමග අකුණු ඇතිවිය හැකි නිසා අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බවත්, ඉන් සිදුවන අනතුරු වළක්වා ගැනීමටත් ජනතාව කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව ඊයේ (27දා) සවස නිකුත් කළ දෛනික කාලගුණ වාර්තාවේ සඳහන් වේ.
කොත්මලේ ලිලීස් වතුයාය නායයාමෙන් නිවාස අහිමිවූ නිවාස හිමියන්ට රුපියල් ලක්ෂ 12 ක් වටිනා නිවසක් මාස 03 ක් තුළ ලබාදීමට කටයුතු කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේය.
මීට අමතරව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශ මත තවත් නිවාස 10ක් ඉවත් කිරීමට සිදුවන බවද ඔහු පවසා සිටියේය.
අවතැන්වී සිටින ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් සලසන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරියට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 3636 කට අයත් පුද්ගලයින් 13,060 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 4143 කට අයත් පුද්ගලයන් 11,031 ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 6219 කට අයත් පුද්ගලයන් 21,264 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (27දා) නිකුත් කළ දෛනික වාර්තාවේ සඳහන් වේ.
අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 31,055 කට අයත් පුද්ගලයන් 115,518 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 21,785 කට අයත් පුද්ගලයන් 75,364 ක්, යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 5,575 කට අයත් පුද්ගලයන් 19,083 ක්ද නියඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවද එම වාර්තාවේ සඳහන් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

