රුපියල් ලක්ෂ විස්සක කොන්ත්‍රාත්තුවක් අනුව ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි බවට සැකකෙරෙන පාතාල කල්ලි සාමාජිකයෙකු වන දිවුලපිටියේ කළු අජිත් නොහොත් හීනටිගල අජිත් නැමැත්තාගේ ගෝලයෙකු ස්වයංක්‍රීය ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිකන්ද, පැරකුම් යාය, සිංහපුර පදිංචි තිස් හැවිරිදි එක්දරු පියෙකි. මෙම පුද්ගලයා මහර බන්ධනාගාරයෙන් පළා විත් කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකි. ඔහු රටේ විවිධ ප්‍රදේශවල ස්ත්‍රී දූෂණ, මිනිමැරුම් සහ මංකොල්ලකෑම් ගණනාවකට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද පොලීසිය පවසයි.
හිඟුරක්ගොඩ ඩබ්. ඒ. පියතිලක