දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන ගිණුමකින් ජනවාරි 06 වැනිදා රුපියල් කෝටි 145 ක මුදලක් කිසිදු හේතුවක් නොමැතිව ලබාගෙන තිබෙන නිසා ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
000003 දරණ චෙක්පතක් මගින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ලංකා බැංකුවේ බත්තරමුල්ල ශාඛාවෙන් මෙම මුදල් ලබාගෙන තිබෙන බවද එම සංගමයේ ප්රධාන ලේකම් චාමර මදද්දුමකළුගේ මහතා සඳහන් කළේය.
මෙතරම් මුදලක් ලබාගැනීමට කිසිදු හේතුවක් නොමැතිව තිබියදී අදාළ චෙක්පත මගින් රුපියල් 1,456,980,000 ක් ලබාගෙන තිබෙන බවත්, මේ නිසා මේ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසට විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පවසා සිටියේය.