ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් කිහිප දෙනෙකුගේ ජයග්රහණ කටයුතු වෙනුවෙන් ප්රචාරක කටයුතු සිදුකිරීම සඳහා දිවිනැගුම සංවර්ධන නිලධාරීන් දසදහසක් ඌව පළාතට රැගෙන යාමට සැලසුම් කර තිබෙන බවත්, මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් හා ආයතන සංග්රහ‘යේ වගන්ති උල්ලංඝනය කිරීමක් නිසා මෙම කටයුත්ත නවතා දමන ලෙසත් සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.