දිවයිනට ආසන්න වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් - මිලිමීටර් 100ට වැඩි තද වැසි
දිවයින ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ සහ නිරිතදිග වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, සමහර ස්ථානවල තද වැසිද (මි.මි 100 ට වැඩි) ඇති විය හැකි බවත් පවසයි.
එමෙන්ම, කටුනායක සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වීමේ හැකියාව පවතින බවද, ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

