දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළබිලි තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත්වල අද (3දා) දිනයේද වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, දිවයිනේ බොහෝ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ඇතැම් ස්ථානවල (විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසට) තද වැසි (මි.මි 100 ට වැඩි ) ද ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම්වල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් පෙන්වා දෙයි.
අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින වටා මුහුදේ කාලගුණය
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළබිලි තත්ත්වය හේතුවෙන් දිවයින වටා වන බොහෝ මුහුදු ප්රදේශවලද වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, දිවයින වටා වන බොහෝ මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වන බවත්, සුළං වේගය විටෙක පැ.කි.මී. 50 -60 පමණ දක්වා ඉහළ යා හැකි බවත් පෙන්වා දෙයි.
දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, දිවයින අවට මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය ඉහළ (පැ.කි.මී. 70-80 පමණ) යාමට ඉඩ ඇති නිසා, එම අවස්ථාවේදී එකී මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින බවද දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.