මීගමුව ඒත්තුකාල වෙරළ තීරයේදී දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන ගිය පුද්ගලයන් පස්දෙනෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීහු ඊයේ (02දා) සමත් වූහ.
දංකොටුව, හෝමාගම, මාබෝලේ, මාකොල හා වනාතවිල්ලුව යන ප්රදේශවල පදිංචි පුද්ගලයන් පස්දෙනෙකුගේ ජීවිත මෙසේ බේරාගෙන ඇත.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරී පොලිස් සැරයන් සරත් කුමාර ඇතුළු රතුකුරුස ජීවිතාරක්ෂක සංගමයේ ජීවන්ත අනුරුද්ධ, ශෂික සමන්ත, නිමන්ත හේෂාන්, තරිදු රෝෂේන්, චතුරංග මෙන්ඩිස් සහ ප්රදීප් කුමාර යන පිරිස මෙම කාර්යයට දායක වී ඇත.
මීරිගම - කාන්ති