දියවඩන නිලමේ නැවතත් ප්රදීප් නිලංග දෑල
(UPDATE)
ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ලෙස නැවතත් ප්රදීප් නිලංග දෑල මහතා තේරීපත්විය.
දියවඩන නිලමේ ඡන්ද විමසීම ඇරඹෙයි
දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසුමෙන් තරිඳු කෞෂාල් දෑළ යන අය ඉවත්විය. ඒ අනුව අපෙක්ෂකයන් තිදෙනෙක් අතර තරගය පැවැත්වෙයි.
මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීම සඳහා වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භවිය.
ඒ සඳහා අපෙක්ෂකයෙන් හය දෙනෙකු ඉදිරිපත් වුවත් දෙදෙනෙකුගේ නම් යෝජනා ස්ථිර නොවීය.
ඒ අනුව අපෙක්ෂකයන් සිවුදෙනෙකු අතර ඡන්දය පැවැත්වේ.
නිලංග දෑල බණ්ඩාර, නෙරංජන් විරේත්න, ගයාන් හීන්කෙන්ද හා තරිඳු කෞෂාල් දෑල යන අය අවසන් වශයෙන් තරග කරති.
-
K.L GAMUNU UDAYA KUMARA Monday, 15 June 2020 09:38 AM
මට ලෙඛකයෙක් වශයෙන් සම්බන්ධ වියහැකි ද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
