ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හය වන වරටත් සංවිධානය කරනු ලැබූ දියකාවා යුද අභ්‍යාසය - අදියර VI ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් සමගින් විදේශිය හමුදා සාමාජිකයින් 53 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඊයේ (11දා) උදෑසන කොකාලායි ප්‍ර දේශයේදී ආරම්භවිය . එය සැප්තැම්බර් මස 23 වන දින දක්වා පැවැත් වේ.
සිකුරාදා (11) දින මෙම අභ්‍යාසය යටතේ පුල්මුඩේ ප්‍රදේශයේ දී පැරෂුට්කරුවන් 32 ක් බිමට බසිමින් අභ්‍යාසවල නිරත විය.
මෙවර යුද අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් පාබල හමුදා, කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකා සෙබලුන් 2500 ක්, නාවික හමුදා සෙබලුන් 245ක්, ගුවන් හමුදා සෙබලුන් 140ක් එක්වෙති.ඒ සඳහා බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, පකිස්ථානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරමින් විදේශීය හමුදා නිලධාරින් එක්වෙයි.