'දිනූදා' ඇතුළු අලි පැටවුන් දෙදෙනෙකු දකුණු කොරියාවට යැවීමට සූදානම් කිරීම පිළිබඳ විමර්ශන වාර්තාව සකස්කර අවසන් බවත්, එය මැයි මස 02 දාට ප්‍රථම මාධ්‍ය වෙත ඉදිරිපත් කරන බවද උද්භිද උද්‍යාන පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් මහතා %අද^ ට පැවසීය.
මෙම වාර්තාව අදාළ සිදුවීම සිදුවී සති දෙකක් ඇතුළත ලබාදීමට අමාත්‍යවරයා එකඟ වූ අතර සති දෙකක් තුළ එය ලබාදීමට නොහැකිව සිංහල හිංදු අලුත් අවුරුද්දට ප්‍රථම වාර්තාව ලබාදෙන බව පැවසුවද එයද සිදුනොවීය.
අමාත්‍යවරයා මෙවර ප්‍රකාශ කර සිටියේ එය මැයි මස 02 වැනි දිනට ප්‍රථම එය ලබාදෙන බවයි.