වෛරස් හෝ බැක්ටීරියා ආසාදන හේතුවෙන් හටගන්නා 'අක්ෂි ප්‍රදාහය' නමැති ඇස් රෝගය දිවයින පුරා පැතිර යමින් පවතින බව ජාතික අක්ෂි රෝහල පවසයි.
රෝගය බෝවීම වළක්වා ගැනීම පිණිස පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගන්නා විටදී ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසත්, අන් අයගේ තුවා, ලේන්සු, ඇඳුම් පරිහණයෙන් වැළකී මුහුණ සහ දෑත් පිරිසුදුව තබා ගන්නා ලෙසත් එම රෝහල ජනතාව වෙත දැනුම් දෙයි.
'අක්ෂි ප්‍රදාහය' වැලඳුණු රෝගීන් 100 දෙනෙකු පමණ දිනපතාප්රතිකාර පතා ජාතික අක්ෂි රෝහල වෙත පැමිණෙන බව පැවසේ.
දෑස්වල වේදනාව සමගින් කබ, කඳුළු ගැලීම සහ දෑස් රතු පැහැවීම රෝගයේ ලක්ෂණ වේ. මීට අමතරව උදෑසන කාලයේ දෑස්වල කබ බැඳීමත් සමගින් මද වශයෙන් පවතින හිසරදයත් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික අක්ෂි රෝහල වැඩිදුරටත් දැනුම් දෙයි.
අක්ෂි ප්‍රදාහයෙන් වෙනත් සංකූලතා ඇති නොවූවද රෝගය හැඟවෙන රෝග ලක්ෂණ තිබේ නම් පළපුරුදු අක්ෂි වෛද්‍යවරයෙකු වෙත හෝ රජයේ රෝහලක අක්ෂි ඒකකයක් වෙත යොමුවීම අනිවාර්ය බව ජාතික අක්ෂි රෝහල පවසයි.
සෑම වසරකම මැයි, ජූනි, ජූලි මාසවල මෙවැනි ඇස් රෝග ව්‍යාප්ත වීම සාමාන්‍ය‘යෙන් දක්නට ලැබෙන බවද ජාතික අක්ෂි රෝහල සඳහන් කරයි.